How to Register for Online Classes


Physics One Online Classes සදහා ලියාපදිංචි වන ආකාරය

පළමුව මෙම link එක click කර Physics One - Register වෙබ් අඩවිය වෙත යන්න.

එහි ඔබගේ නම, ක්‍රියාත්මක email ලිපිනයක්, මුරපදයක් (Password) හා විස්තර ලබාදෙන්න. ඔබ විසින් Password යන්නට ඇතුළු කරන මුරපදය එලෙසින්ම Confirm Password යන කොටුවට ලබාදීම අනිවාර්ය වේ.

පිටුව අවසානයට ඇති Captcha එක සම්පුර්ණ කරන්න.

Register for Physics One මත click කිරීමෙන් ඔබගේ ගිණුම සැදීම තහවුරු කල හැක. ඔබ ඇතුලත් කර දත්ත නිවැරදි නම් පහත පිටුවට ඔබ රැගෙන යනු ඇත. එසේ නොවේනම් රතු පාටින් දක්වන වැරදි නිවැරදි කර නැවත උත්සහ කරන්න.

ඉන් පසුව ඔබ ලබාදුන් email ලිපිනයට Physics One වෙතින් තහවුරු කිරීමේ email ලිපියක් ලැබී ඇත.

එය විවෘත කර එහි ඇති 'Verify Email Address' මත click කරන්න. මෙය ඔබව Physics One වෙබ් පිටුව වෙත රැගෙන යනු ඇත. ඔබගේ ගිණුමට ප්‍රවේශ වීමට අවශ්‍ය වුවහොත් ඔබ විසින් ලබාදුන් email හා password ලබාදී ඔබගේ ගිණුම සැකසීම සම්පුර්ණ කරගන්න.

ඔබට මෙම වෙබ් අඩවිය භාවිතයේදී යම් ගැටළුවක් ඇති වුවහොත් මෙම දුරකථන අංක වලට අමතන්න. 0777587711 / 0707587711